Search This Blog

BidVertiser

......................................................................................යාලුවනේ ඔය ඉහල තියන ඇඩ් එකක් CLICK කරලා මටත් උදව්වක් කරලා යන්න අමතක කරන්න එපා.

Sunday, February 5, 2012

මාශ්මෙලොස් පාට තියන කාර් එකක් ඇවිල්ලා

සුදු කොටු කොටු රෝස පාට ලේන්සුවත් නවලා පුන්චි මගේ පුන්චි ගවුමේ හරි හැඩයට ගසාලා තෙල් බේරෙන කිරි කොන්ඩොට් පුන් හැඩයට පීරලා රෝස පාට ගවුම හැඩයි නෑනේ ටීච ඇවිල්ලා මාශ්මෙලොස් පාට තියන කාර් එකක් ඇවිල්ලා අපේ පුන්චි ගුරුතුමියට් බැස්සා ඇගත් නලෝලා ටකස් ටකස් සද්දෙ ඇසෙයි වටත් පිටට් බලාලා උදැසනම ආයුබොවන් අපේ ටීච ඇවිල්ලා සටස් පටස් චරස් බරස් පොතෙත් පිටුව පෙරලිලා බැනුම් තමයි අදට් මටත් පොතක් නෑනේ ගෙනල්ලා ලෙසන් නම්බ වනුයි අදත් රිදී වලලු සලාලා කීව ඇයත් මුකුලු පාලා මටත් එකක් තලාලා ටිලින් ටිලින් ටාන් ටාන් ගන්ඨාරෙට් හැඩවිලා සිනා කටයි සටස් බටස් හැමෝම කලබල වෙලා කුටුස් කුටුස් පටස් ගාලා කෑම පෙට්ටි ඇරීලා අම්මා හදපු පිට්ටු රසයි කිරි හොද්දත් දමාලා
සැ.යු:- යාලුවනේ මගේ ෆේස් ඇක්ට් කීයන බ්ලොග් එකට ඇඩ්සෙන්ස් ලැබුනා. ඉතින් මම මෙතන ලින්ක් එක දාන්නම් ඔයගොල්ලෝ මේ පහත තියන ලින්ක් එක උඩ ඔබලා මගේ වෙබ් එකට ගිහිල්ලා මයි ඇඩ්ස් වලට යටින් තියන ඇඩි එකක් උඩ ඔබලා සහයෝගයක් දෙන්න ස්තුතියි

Sunday, September 25, 2011

තෙරනම පොඩිනමට ඉදලෙන් පහරක් ගැසුවා

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස පඤ්චානිසංසා, සම්මජ්ජනියා, සකචිත්තං පසීදති, පරචිත්තං පසීදති, දේවතා අත්තමනා හොන්ති, පසාදික සංවත්තනිකං පුඤ්ඤං උපචිනාති, කායස්ස භේදා පර්ම්මරණා සුගතිං සග්ගං ලෝකං උප්පජ්ජතිති. ඉහත පාඨයෙන් ප්‍රකාශ වන්නේ විහාරස්ථාන, බෝමළු ඇමදීමේ අනුසස් පිළිබඳවයි. එහි සාමාන්‍ය අදහස වන්නේ, “ඇමදීමෙන් අනුසස් පහක් ලැබෙන බවයි. තමන්ගේ සිත පහදී, අනුන්ගේ සිත් පහදී, දෙවියෝ සතුටුවෙති. රූපශෝභාව ලැබේ. මරණින්මතු සුගතියෙහි උපදී.” කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ එක් ගංතෙරක විහාරයක් තිබුණා. එම විහාරයේ භික්‍ෂූන් වහන්සේ දිනපතා මලු ඇමද පිරිසුදු කරනව. දිනක් තෙරනමක් මලුව අමදින විට සමීපයෙන් යන සාමණේරනමකට ‘පොඩිනම මේ කුණු ඉවතට ගෙනගොස් දමන්න.” යයි කීවා. සාමණෙරනම නොඇසුණාමෙන් සිටිය. දෙතුන්වරක් කීවා. සාමණේරනම ඇහුන්කන් දුන්නෙ නැහැ. තෙරනම පොඩිනමට ඉදලෙන් පහරක් ගැසුවා. පොඩිනම අඬ අඬා කසලගොඩ ඉවත්කළා. පසුව සාමණේරනම පැන් පහසුව සඳහා ගඟට ගියා. ගඟේ රළපහර දැකල සාමණේරනම මෙසේ ප්‍රාර්ථනා කළා. “මා කුණු කසල ඇද දැමූ පිනෙන් මතු උපදිනා උපදිනා ආත්මයේ මේ රළපහරමෙන් තේජස ඇතිවේවා. ස්ථානෝචිත ප්‍රඥාව ඇතිවේවා. මෙලෙස සාමණේරනම ප්‍රාර්ථනය කරන විට මහතෙරනමද ගඟට ගියා. මෙය ඇසූ මහ තෙරුන් වහන්සේ ‘කසල ඇද දැමූ සාමණේරනමට එතරම් අනුසස් ලැබේනම් ශ්‍රද්ධාවෙන් මලුව ඇමදු මට කෙතරම් අනුසස් ලැබිය යුතු ද? යනුවෙන් සිතා ‘මා ශ්‍රද්ධාවෙන් මලුව ඇමදු පිනෙන් උපදිනා උපදිනා ආත්මයේ මේ රළ පහරමෙන් ක්‍ෂය නොවන නුවණ ඇතිවේවා. මොහුගේ සියලු ප්‍රශ්න විසඳීමට මට හැකියාව ලැබේවා. “යනුවෙන් ප්‍රාර්ථනය කළා. පසුකාලයේ මිලිදු රජ වූයේ එම සාමණේරනමය. නාගසේන තෙරුන් වහන්සේ වූයේ මලුව ඇමදු තෙරුන් වහන්සේය. කටකන්දරවාසී ඵුස්සදේව තෙරුන්වහන්සේ ඉතා ක්‍රමවත්ව පිරිසුදුව සෑ මලු, බෝමලු හැමද එදෙස බලා අපමණ බුද්ධාලම්භන පී‍්‍රතියක් ලබාගන්නව. උන්වහන්සේ ක්‍රමවත්ව සෑ මලුව ඇමද එයින් අසීමිත සතුටක් ලබනව. දිනක් උන්වහන්සේ සෑ මලුව ඇමද අසීමිත බුද්ධාලම්භන පී‍්‍රතිය ආශ්වාදය කරනවිට මාරයා කලු වඳුරකුගේ වෙසක්ගෙන පැමිණ මලුවේ මළපහකර අපිරිසුදු කර ගියා. තෙරුන්වහන්සේ දෙවැනි දිනයෙත් මෙසේ මලුව ඇමද එහි සතුට විඳිමින් සිටිනවිට මාරයා මහලුගොන් වෙසක් මවාගන පැමිණ මලුව අපවිත්‍ර කළා. තුන්වන දවසේද තෙරුවන්වහන්සේ මලුව ඇමද එදෙස බලාසිටිනවිට මාරයා කොරෙකුගේ වෙසක්ගෙන පැමිණ ක්‍රමවත්ව අමදින ලද මලුවේ පා අදිමින් ගොස් සෑමලුව විරූපී තත්ත්වයට පත් කළා. තෙරුන්වහන්සේ මෙවැනි කොරෙකු තම ගොදුරු ගමේ කිසිදිනක දැක නැත. එනිසා මොහු මාරයාදැයි? සැකයක් ඇතිවුනා. තෙරුන් වහන්සේ මෙම කොරාගෙන් ඇසුවා. ‘ඔබ මාරයාද? කියල. කොරා කියනව‘ ඔව්, මම මාරය තමා කියලා. ‘මාරය, ඔබ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටිනාකාලයේ ඉඳල ඉන්න කෙනෙක්. ඔබ බුදුරජාණන් වහන්සේ දැක තිබෙනවාද? කියල තෙරුන් වහන්සේ මාරයාගෙන් ඇසුව ‘ඔව්, මම බුදුන්වහන්සේ දැක තියෙනව.’ මාරය පිළිතුරු දෙනව. ‘මාරය, ඔබ මහා බලවතෙක් යැයි කියනවා. හොඳයි, ඔබට ඔපමණ බලයක් තියනවනම් මට බුදුරජාණන් වහන්සේ මවා පෙන්වන්න.” කියල තෙරුන්වහන්සේ මාරයාට කිව්ව. “මට බුදුරජාණන් වහන්සේ සමාන ආත්මභාවයක් නම් මවන්න බැහැ. එහෙත් තරමක සමාන ආත්මභාවයක් නම් මැවිය හැකියි.ප්‍රකාශ කළ මාරයා බුද්ධ වේශය ගෙන තෙරුන්වහන්සේ ඉදිරියේ පෙනී සිටිය. “ කෙළෙස් සහිත මාරයා බුද්ධවේශයෙන් සිටින විට මෙතරම් ශෝභන නම් නික්ලේශී බුදුරජාණන් වහන්සේ කෙතරම් ශෝභන වන්නට ඇද්දැයි” තෙරුන් වහන්සේට බුද්ධාලම්බන පී‍්‍රතිය ඇතිවුනා. විදසුන්වැඩූ තෙරුන් වහන්සේ ඒ අවස්ථාවේදීම අර්හත් ඵලයට පත්වුණා. තමන් රැවටුනබව තේරුම්ගත් මාරයා නොපෙනී පලාගියා. “පසාදික සංවත්තනිකං පුඤ්ඤං උපචිනාති” විහාරමලු බෝමලු, සෑ මලු ඇමදීමෙන් ප්‍රසාද උපදවන රූපශෝභාවක් ඇතිවෙනව. අසෝකමාලාවට රූප ශෝභාව ලැබුණේද, බෝමලු ඇමදු පින නිසා. හබරන වෙහෙරහේන යෝගාශ්‍රමයේ මැල්ලවගෙදර සමණධම්ම හිමි http://www.lakehouse.lk/budusarana/2011/02/11/tmp.asp?ID=vision01

Friday, August 26, 2011

ඉතින් ගෑනු කට්ටිය රන්ඩු වෙනකොට අහල පහල දෙවනත් කරනවනේ

මේක පොඩි කතාවක් අපේ පන්සලේ වෙච්ච. හැමදාම බෝධි පූජාවට යනවා වගේම හොද හිතවත් අක්කලා දෙන්නෙක් අපේ ගමේ හිටියා. දෙන්නටම හොදට ශ්‍රද්ධාව තිබුනා. ඒ වගේම හොදම යාලුවෝ මොකක් හරි හේතුවක් නිසා මේ යාලුකම තරහකට හේතු උනා. දැන් දෙන්නට දෙන්නා පේන්න බෑ. පන්සලේ කියලා නෑ ඉතින් ගෑනු කට්ටිය රන්ඩු වෙනකොට අහල පහල දෙවනත් කරනවනේ. හින්ට් පාස් කිරිල්ල, කෑ ගැහිල්ල, ගහ ගැනිල්ල, හූ කිවිල්ල දක්වා දුර ගියා විතරක් නෙමේ පන්සල දෙකටත් කැඩුනා. හාමුදුරුවොත් මේකට පිලියමක් වශයෙන් බෝධි පූජාව වෙලාවෙ විවිද අනුශාසනා කලා. වැඩක් නැ. දෙන්නා අහන්නෙම නැ. කොහොම කොහොම හරි දෙන්නගෙන් එක්කෙනෙක් පන්සල් ඒම නැවැත්තුවා. මොකද දරා ගන්න බෑ. හැමදාම බෝධි පූජාව ඉවර වෙන්නේ කරනීය මෙත්ත සූත්‍රය කියලා. තේරුම සියලු ලෝක සත්වයාට තමාගේ එකම පුත්‍රයාට වගේ මෙත් සිත් වඩන්න කියලා. ඉතින් බලන්න පන්සල දෙකට කැඩුනා මිනිස්සු තරහා උනා. හැබැයි ඇත්ත තේරුම් ගත්තේ නැ. අපිට දර්මය දකින්න පුලුවන් නම් දර්ම රසය විදින්න පුලුවන්. අප්‍රමානව මෙත් සිත් වඩන්න පුලුවන් උනා නම් මේ ප්‍රශ්න නෑ. අපි පන්සල් යන්නේ පින් කරගන්න මිසක් පවු කර ගන්න නෙමේ. හිත පිරිසිදු කරගන්න මිසක් අපිරිසිදු කර ගන්න නෙමේ. ශ්‍රද්ධව වගේම ප්‍රක්නාවත් වඩා ගන්නවා නම් ලෝකය තව සුන්දර වේවි. ගැටලු අඩු වේවි ඔබට තෙරුවන් සරනයි The Help