Search This Blog

BidVertiser

......................................................................................යාලුවනේ ඔය ඉහල තියන ඇඩ් එකක් CLICK කරලා මටත් උදව්වක් කරලා යන්න අමතක කරන්න එපා.

Friday, August 26, 2011

ඉතින් ගෑනු කට්ටිය රන්ඩු වෙනකොට අහල පහල දෙවනත් කරනවනේ

මේක පොඩි කතාවක් අපේ පන්සලේ වෙච්ච. හැමදාම බෝධි පූජාවට යනවා වගේම හොද හිතවත් අක්කලා දෙන්නෙක් අපේ ගමේ හිටියා. දෙන්නටම හොදට ශ්‍රද්ධාව තිබුනා. ඒ වගේම හොදම යාලුවෝ මොකක් හරි හේතුවක් නිසා මේ යාලුකම තරහකට හේතු උනා. දැන් දෙන්නට දෙන්නා පේන්න බෑ. පන්සලේ කියලා නෑ ඉතින් ගෑනු කට්ටිය රන්ඩු වෙනකොට අහල පහල දෙවනත් කරනවනේ. හින්ට් පාස් කිරිල්ල, කෑ ගැහිල්ල, ගහ ගැනිල්ල, හූ කිවිල්ල දක්වා දුර ගියා විතරක් නෙමේ පන්සල දෙකටත් කැඩුනා. හාමුදුරුවොත් මේකට පිලියමක් වශයෙන් බෝධි පූජාව වෙලාවෙ විවිද අනුශාසනා කලා. වැඩක් නැ. දෙන්නා අහන්නෙම නැ. කොහොම කොහොම හරි දෙන්නගෙන් එක්කෙනෙක් පන්සල් ඒම නැවැත්තුවා. මොකද දරා ගන්න බෑ. හැමදාම බෝධි පූජාව ඉවර වෙන්නේ කරනීය මෙත්ත සූත්‍රය කියලා. තේරුම සියලු ලෝක සත්වයාට තමාගේ එකම පුත්‍රයාට වගේ මෙත් සිත් වඩන්න කියලා. ඉතින් බලන්න පන්සල දෙකට කැඩුනා මිනිස්සු තරහා උනා. හැබැයි ඇත්ත තේරුම් ගත්තේ නැ. අපිට දර්මය දකින්න පුලුවන් නම් දර්ම රසය විදින්න පුලුවන්. අප්‍රමානව මෙත් සිත් වඩන්න පුලුවන් උනා නම් මේ ප්‍රශ්න නෑ. අපි පන්සල් යන්නේ පින් කරගන්න මිසක් පවු කර ගන්න නෙමේ. හිත පිරිසිදු කරගන්න මිසක් අපිරිසිදු කර ගන්න නෙමේ. ශ්‍රද්ධව වගේම ප්‍රක්නාවත් වඩා ගන්නවා නම් ලෝකය තව සුන්දර වේවි. ගැටලු අඩු වේවි ඔබට තෙරුවන් සරනයි The Help

No comments:

Post a Comment