tag:blogger.com,1999:blog-10669132128428669952024-03-06T01:01:56.322-08:00POKUNAKumara PokunaK K N S Kumarahttp://www.blogger.com/profile/07843178037549773964noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-1066913212842866995.post-46684481569396076492012-02-05T19:51:00.000-08:002012-02-05T20:03:21.202-08:00මාශ්මෙලොස් පාට තියන කාර් එකක් ඇවිල්ලා

සුදු කොටු කොටු රෝස පාට ලේන්සුවත් නවලා
පුන්චි මගේ පුන්චි ගවුමේ හරි හැඩයට ගසාලා
තෙල් බේරෙන කිරි කොන්ඩොට් පුන් හැඩයට පීරලා
රෝස පාට ගවුම හැඩයි නෑනේ ටීච ඇවිල්ලා
මාශ්මෙලොස් පාට තියන කාර් එකක් ඇවිල්ලා
අපේ පුන්චි ගුරුතුමියට් බැස්සා ඇගත් නලෝලා
ටකස් ටකස් සද්දෙ ඇසෙයි වටත් පිටට් බලාලා
උදැසනම ආයුබොවන් අපේ ටීච ඇවිල්ලා
සටස් පටස් චරස් බරස් පොතෙත් පිටුව පෙරලිලා
බැනුම් තමයි අදට් මටත් පොතක් නෑනේ ගෙනල්ලා
ලෙසන් නම්බ වනුයි අදත් රිදී වලලු සලාලා
කීව ඇයත් මුකුලු පාලා මටත් එකක් තලාලා
ටිලින් ටිලින් ටාන් ටාන් ගන්ඨාරෙට් හැඩවිලා
සිනා කටයි සටස් බටස් හැමෝම කලබල වෙලා
කුටුස් කුටුස් පටස් ගාලා කෑම පෙට්ටි ඇරීලා
අම්මා හදපු පිට්ටු රසයි කිරි හොද්දත් දමාලා

සැ.යු:-
යාලුවනේ මගේ ෆේස් ඇක්ට් කීයන බ්ලොග් එකට ඇඩ්සෙන්ස් ලැබුනා. ඉතින් මම මෙතන ලින්ක් එක දාන්නම් ඔයගොල්ලෝ මේ පහත තියන ලින්ක් එක උඩ ඔබලා මගේ වෙබ් එකට ගිහිල්ලා මයි ඇඩ්ස් වලට යටින් තියන ඇඩි එකක් උඩ ඔබලා සහයෝගයක් දෙන්න

ස්තුතියිK K N S Kumarahttp://www.blogger.com/profile/07843178037549773964noreply@blogger.com0tag:blogger.com,1999:blog-1066913212842866995.post-66019251291121055802011-09-25T21:01:00.000-07:002011-09-25T21:01:12.790-07:00තෙරනම පොඩිනමට ඉදලෙන් පහරක් ගැසුවානමෝතස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
පඤ්චානිසංසා, සම්මජ්ජනියා, සකචිත්තං පසීදති,
පරචිත්තං පසීදති, දේවතා අත්තමනා හොන්ති,
පසාදික සංවත්තනිකං පුඤ්ඤං උපචිනාති,
කායස්ස භේදා පර්ම්මරණා සුගතිං සග්ගං ලෝකං උප්පජ්ජතිති.
ඉහත පාඨයෙන් ප්‍රකාශ වන්නේ විහාරස්ථාන, බෝමළු ඇමදීමේ අනුසස් පිළිබඳවයි. එහි සාමාන්‍ය අදහස වන්නේ, “ඇමදීමෙන් අනුසස් පහක් ලැබෙන බවයි. තමන්ගේ සිත පහදී, අනුන්ගේ සිත් පහදී, දෙවියෝ සතුටුවෙති. රූපශෝභාව ලැබේ. මරණින්මතු සුගතියෙහි උපදී.”
කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ එක් ගංතෙරක විහාරයක් තිබුණා. එම විහාරයේ භික්ෂූන් වහන්සේ දිනපතා මලු ඇමද පිරිසුදු කරනව. දිනක් තෙරනමක් මලුව අමදින විට සමීපයෙන් යන සාමණේරනමකට ‘පොඩිනම මේ කුණු ඉවතට ගෙනගොස් දමන්න.” යයි කීවා. සාමණෙරනම නොඇසුණාමෙන් සිටිය. දෙතුන්වරක් කීවා. සාමණේරනම ඇහුන්කන් දුන්නෙ නැහැ. තෙරනම පොඩිනමට ඉදලෙන් පහරක් ගැසුවා. පොඩිනම අඬ අඬා කසලගොඩ ඉවත්කළා. පසුව සාමණේරනම පැන් පහසුව සඳහා ගඟට ගියා. ගඟේ රළපහර දැකල සාමණේරනම මෙසේ ප්‍රාර්ථනා කළා. “මා කුණු කසල ඇද දැමූ පිනෙන් මතු උපදිනා උපදිනා ආත්මයේ මේ රළපහරමෙන් තේජස ඇතිවේවා. ස්ථානෝචිත ප්‍රඥාව ඇතිවේවා. මෙලෙස සාමණේරනම ප්‍රාර්ථනය කරන විට මහතෙරනමද ගඟට ගියා. මෙය ඇසූ මහ තෙරුන් වහන්සේ ‘කසල ඇද දැමූ සාමණේරනමට එතරම් අනුසස් ලැබේනම් ශ්‍රද්ධාවෙන් මලුව ඇමදු මට කෙතරම් අනුසස් ලැබිය යුතු ද? යනුවෙන් සිතා ‘මා ශ්‍රද්ධාවෙන් මලුව ඇමදු පිනෙන් උපදිනා උපදිනා ආත්මයේ මේ රළ පහරමෙන් ක්ෂය නොවන නුවණ ඇතිවේවා. මොහුගේ සියලු ප්‍රශ්න විසඳීමට මට හැකියාව ලැබේවා. “යනුවෙන් ප්‍රාර්ථනය කළා. පසුකාලයේ මිලිදු රජ වූයේ එම සාමණේරනමය. නාගසේන තෙරුන් වහන්සේ වූයේ මලුව ඇමදු තෙරුන් වහන්සේය.
කටකන්දරවාසී ඵුස්සදේව තෙරුන්වහන්සේ ඉතා ක්‍රමවත්ව පිරිසුදුව සෑ මලු, බෝමලු හැමද එදෙස බලා අපමණ බුද්ධාලම්භන පී‍්‍රතියක් ලබාගන්නව. උන්වහන්සේ ක්‍රමවත්ව සෑ මලුව ඇමද එයින් අසීමිත සතුටක් ලබනව. දිනක් උන්වහන්සේ සෑ මලුව ඇමද අසීමිත බුද්ධාලම්භන පී‍්‍රතිය ආශ්වාදය කරනවිට මාරයා කලු වඳුරකුගේ වෙසක්ගෙන පැමිණ මලුවේ මළපහකර අපිරිසුදු කර ගියා. තෙරුන්වහන්සේ දෙවැනි දිනයෙත් මෙසේ මලුව ඇමද එහි සතුට විඳිමින් සිටිනවිට මාරයා මහලුගොන් වෙසක් මවාගන පැමිණ මලුව අපවිත්‍ර කළා. තුන්වන දවසේද තෙරුවන්වහන්සේ මලුව ඇමද එදෙස බලාසිටිනවිට මාරයා කොරෙකුගේ වෙසක්ගෙන පැමිණ ක්‍රමවත්ව අමදින ලද මලුවේ පා අදිමින් ගොස් සෑමලුව විරූපී තත්ත්වයට පත් කළා. තෙරුන්වහන්සේ මෙවැනි කොරෙකු තම ගොදුරු ගමේ කිසිදිනක දැක නැත. එනිසා මොහු මාරයාදැයි? සැකයක් ඇතිවුනා. තෙරුන් වහන්සේ මෙම කොරාගෙන් ඇසුවා. ‘ඔබ මාරයාද? කියල. කොරා කියනව‘ ඔව්, මම මාරය තමා කියලා. ‘මාරය, ඔබ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටිනාකාලයේ ඉඳල ඉන්න කෙනෙක්. ඔබ බුදුරජාණන් වහන්සේ දැක තිබෙනවාද? කියල තෙරුන් වහන්සේ මාරයාගෙන් ඇසුව ‘ඔව්, මම බුදුන්වහන්සේ දැක තියෙනව.’ මාරය පිළිතුරු දෙනව. ‘මාරය, ඔබ මහා බලවතෙක් යැයි කියනවා. හොඳයි, ඔබට ඔපමණ බලයක් තියනවනම් මට බුදුරජාණන් වහන්සේ මවා පෙන්වන්න.” කියල තෙරුන්වහන්සේ මාරයාට කිව්ව. “මට බුදුරජාණන් වහන්සේ සමාන ආත්මභාවයක් නම් මවන්න බැහැ. එහෙත් තරමක සමාන ආත්මභාවයක් නම් මැවිය හැකියි.ප්‍රකාශ කළ මාරයා බුද්ධ වේශය ගෙන තෙරුන්වහන්සේ ඉදිරියේ පෙනී සිටිය. “ කෙළෙස් සහිත මාරයා බුද්ධවේශයෙන් සිටින විට මෙතරම් ශෝභන නම් නික්ලේශී බුදුරජාණන් වහන්සේ කෙතරම් ශෝභන වන්නට ඇද්දැයි” තෙරුන් වහන්සේට බුද්ධාලම්බන පී‍්‍රතිය ඇතිවුනා. විදසුන්වැඩූ තෙරුන් වහන්සේ ඒ අවස්ථාවේදීම අර්හත් ඵලයට පත්වුණා. තමන් රැවටුනබව තේරුම්ගත් මාරයා නොපෙනී පලාගියා. “පසාදික සංවත්තනිකං පුඤ්ඤං උපචිනාති” විහාරමලු බෝමලු, සෑ මලු ඇමදීමෙන් ප්‍රසාද උපදවන රූපශෝභාවක් ඇතිවෙනව. අසෝකමාලාවට රූප ශෝභාව ලැබුණේද, බෝමලු ඇමදු පින නිසා.
හබරන වෙහෙරහේන යෝගාශ්‍රමයේ
මැල්ලවගෙදර සමණධම්ම හිමි
http://www.lakehouse.lk/budusarana/2011/02/11/tmp.asp?ID=vision01K K N S Kumarahttp://www.blogger.com/profile/07843178037549773964noreply@blogger.com0tag:blogger.com,1999:blog-1066913212842866995.post-43402784664639730882011-08-26T21:48:00.001-07:002011-08-26T21:52:30.647-07:00ඉතින් ගෑනු කට්ටිය රන්ඩු වෙනකොට අහල පහල දෙවනත් කරනවනේ

මේක පොඩි කතාවක් අපේ පන්සලේ වෙච්ච. හැමදාම බෝධි පූජාවට යනවා වගේම හොද හිතවත් අක්කලා දෙන්නෙක් අපේ ගමේ හිටියා. දෙන්නටම හොදට ශ්‍රද්ධාව තිබුනා. ඒ වගේම හොදම යාලුවෝ මොකක් හරි හේතුවක් නිසා මේ යාලුකම තරහකට හේතු උනා. දැන් දෙන්නට දෙන්නා පේන්න බෑ. පන්සලේ කියලා නෑ ඉතින් ගෑනු කට්ටිය රන්ඩු වෙනකොට අහල පහල දෙවනත් කරනවනේ. හින්ට් පාස් කිරිල්ල, කෑ ගැහිල්ල, ගහ ගැනිල්ල, හූ කිවිල්ල දක්වා දුර ගියා විතරක් නෙමේ පන්සල දෙකටත් කැඩුනා. හාමුදුරුවොත් මේකට පිලියමක් වශයෙන් බෝධි පූජාව වෙලාවෙ විවිද අනුශාසනා කලා. වැඩක් නැ. දෙන්නා අහන්නෙම නැ. කොහොම කොහොම හරි දෙන්නගෙන් එක්කෙනෙක් පන්සල් ඒම නැවැත්තුවා. මොකද දරා ගන්න බෑ. හැමදාම බෝධි පූජාව ඉවර වෙන්නේ කරනීය මෙත්ත සූත්‍රය කියලා. තේරුම සියලු ලෝක සත්වයාට තමාගේ එකම පුත්‍රයාට වගේ මෙත් සිත් වඩන්න කියලා. ඉතින් බලන්න පන්සල දෙකට කැඩුනා මිනිස්සු තරහා උනා. හැබැයි ඇත්ත තේරුම් ගත්තේ නැ. අපිට දර්මය දකින්න පුලුවන් නම් දර්ම රසය විදින්න පුලුවන්. අප්‍රමානව මෙත් සිත් වඩන්න පුලුවන් උනා නම් මේ ප්‍රශ්න නෑ. අපි පන්සල් යන්නේ පින් කරගන්න මිසක් පවු කර ගන්න නෙමේ. හිත පිරිසිදු කරගන්න මිසක් අපිරිසිදු කර ගන්න නෙමේ. ශ්රද්ධව වගේම ප්රක්නාවත් වඩා ගන්නවා නම් ලෝකය තව සුන්දර වේවි. ගැටලු අඩු වේවි ඔබට තෙරුවන් සරනයි
The HelpK K N S Kumarahttp://www.blogger.com/profile/07843178037549773964noreply@blogger.com0tag:blogger.com,1999:blog-1066913212842866995.post-65363333343013494662011-08-25T03:31:00.000-07:002011-08-25T03:31:48.407-07:00මට හිනාවෙන්න ඕන.......මට හිනාවෙන්න ඕන.......

අපි හිනාවෙනවා. සමහර වෙලාවට අපි හිනාවෙන්නේ තව කෙනෙක් අඩවලා. අපිට පුලුවන්ද? තවත් කෙනෙක් හිනා ගස්සලා හිනාවෙන්න. තව කෙනෙක් වරදින් මුදවලා හිනාවෙන්න. වටිනාම හිනාව ඒක වෙන්න පුලුවන්. තවත් කෙනෙක්ගේ වරදක් දැකලා හිනාවෙනවට වඩා තවත් කෙනෙක් වරදින් මුදවලා ලබන හිනාව ගොඩක් උතුම්. අපේ අම්මව තාත්තව හිනා ගස්සන්න අපිට පොඩි දේකින් පුලුවන් සමහර වෙලාවට ඒක හරි පුන්චී දේකින් පුලුවන් අපේ දෙමව්පියන්ව හිනා වෙන් පුරවන්න. අපි අද දවසේ අපේ දෙමව්පියන්ව හිනාවෙන් තියමුද? අද ටිකක් සමාජය වෙනස් වෙලා කියලා හිතෙනවා. දරුවෝ දෙමව්පියන්ව අනාථ නිවාස වලට දක්කනවා. අතපය වාරු තියන කාලේ ජීවත් වෙන්න උදවු කරපු අම්මා තාත්තා වයසට ගියාම පරඩැලක් වගේ විසික්කරලා දාන්න තරම් දරුවෝ සැහැසි උනේ කොහොමද? ටිකක් තිතමු ඔබේ අම්මාව තාත්තව හිනස්සවන්න ඔබ ජීවිතයෙන් දවස් කීයක් වෙන් කරලා තියනවද? අද අපි දෙමව්පියන්ව හිනස්සවන්න වෙන් කර ගමුද? ඔබට තෙරුවන් සරනයි...
Roy Jones Jr.: Heart of a ChampionK K N S Kumarahttp://www.blogger.com/profile/07843178037549773964noreply@blogger.com1tag:blogger.com,1999:blog-1066913212842866995.post-70589303379134160672011-08-22T04:15:00.000-07:002011-08-25T03:29:12.595-07:00ඔබ ඔබට තවමත් ආදරය කරනවද?

ඔබ ඔබට තවමත් ආදරය කරනවද?
අපි ටිකක් විතර ආත්මාර්ථකාමී නේද? අපිට දැනෙන වේදනාවාම වෙන කෙනෙකුට දැනුනොත් අපිට වෙන කොනාගේ වෙදනාව ලොකු වේදනාවක් නෙමේ නේද? හොදට හිතලා බලන්න. ඒ අපි අපිට ආදරය කරන නිසා අපිට වෙන වේදනාව ලොකුයි අනෙකාගේ වේදනාව පොඩියි. නමුත් අපි සමහර වෙලාවට අපිටම වේදනාකාරී දේවල් කර ගන්නවා. කිසිම ආත්මාර්ථකාමී කමක් නැතුවා වගේ. අපි මෙහෙම බලමු අපිට නොකර සිටීමෙන් සමාජයට උදව් කල හැකි දේවල් තියනවා. අපිට නොකර සිටීමෙන් අපටම උදවු කර ගත හැකි වෙනවා. වටින් පිටින් එන්න ඕන නෑ අපි සිගරට් අරක්කු නවත්වමුද? බලන්න එක සිගරට් දෙකක් නවත්තලා අපි අසරන ඉගෙන ගන්න ලමයෙකුට පොතක් අරන් දෙමුද? එහෙම අඩුපාඩුකම් තියන්න ලමයි. කීයක් අප අතර ඉන්නවද? උදවු අවශ්‍ය අපි හිතන විදිහ ටිකක් වෙනස් කරොත් මේ ලෝකේ ගොඩක් වෙනස් වෙනවා. සුන්දර වෙනවා. අපි එක සිගරට්ටුවක් දැල්වුවොත් වාතය දූෂනය වෙනවා විතරක් නෙමේ අනිත් අයට වාතයකුත් වෙනවා. අපි කරදර කාරයෙක් ලෙස ලෝකයේ ජීවත් වෙනවද? ලෝකයට සුන්දර මිනිසෙක් වෙනවද? තීරනය ඔබේ අතේ.....
K K N S Kumarahttp://www.blogger.com/profile/07843178037549773964noreply@blogger.com0tag:blogger.com,1999:blog-1066913212842866995.post-67629752972559016082011-08-12T01:20:00.000-07:002011-08-22T04:13:23.581-07:00හිතට දැනෙන්න... බකන්නිලාගෙන ඉන්නවා

අපිට ප්රෂ්න ඕන තරම් තියනවා අපි ඒවට මුහුන දෙන විදියට අපේ ජීවිතේ හොදට හරි නරකට හරි ගලාගෙන යනවා. වෙලාවකට අපි ඔහේ ජීවිතයට ගලාගෙන යන්න ඉඩ හසර තියලා බකන්නිලාගෙන ඉන්නවා. නමුත් කාලයා හරි ඉක්මනට අපිට රිද්දවනවා. ඒ අපේ දුර්වලතාවයට කාලයා උත්තර දෙන විදිය. ජීවිතය සුන්දර අසුන්දර කියලා අපි බෙදා ගන්න නොයෙක් නිර්නායකයන් පාවිච්චි කරනවා. සමහරු ජීවිතය සුන්දර කර ගන්න හදන්නේ මුදල් වලින්, තවත් අය බලයෙන්, සමහරු ආදරයෙන් ඉතින් මගේ අදහස නම් ජීවිතය සුන්දර කර ගත යුත්තේ හොද ආකල්ප වලින් කියලයි. ටිකක් හිතමු අපේ ආකල්ප හොද නම් අනෙක් අය අපට ගරු කරනවා. අපිට අදරය කරනවා නේද. අපිට පුලුවන් නම් දවසට එක හොද වැඩක් කරන්න. මුලු ශ්‍රී ලාOකිකයන් සියලු දෙනාටම පුලුවන් දෙකෝටියක් හොද වැඩ දවසකට කරන්න. මොහොතක් හිතන්න මේ ක්රියාවෙම අනිත්පැත්ත අපි ලෝකෙට නය වෙනවද අපිව අරක්ෂා කරලා රැක ගන්න ලෝකයට ගරු කරලා හිස නමලා ලෝකයේ පැවැත්මට ඉඩ දෙනවද කියන කාරනයට අපිට එකගතාවයකට එන්න වෙනවා නේද?!
තවත් දෙයක් අපේ ජීවිත උනත් නිදහසේ ගලාගෙන යන්නේ අපි අපේ අකල්ප හොද කරගත්තොත් විතරයි. බලන්න සමජය දිහා, නපුරු උරුවට හැදුනු නොමිනිසුන් දිහා ඔවුන්ගේ ජීවිත අසාර්තකයි නේද?! බැරිද අපිට ඉන් එක්කෙනෙක් යහ මගට ගන්න මම කියන්නේ අපේ එක යාලුවෙක් හොද මගට ගන්න ටිකක් අමාරු වෙයි. හැබැයි බැරි වෙන එකක් නෑ.
ඉතින් යාලුවේ අපි බලමු සාරදර්ම සපිරි සාමාජයකට ගොඩ වෙන්න මේ ටිකත් හිතට ගන්න.
ඔබට තෙරුවන් සරනයි
K K N S Kumarahttp://www.blogger.com/profile/07843178037549773964noreply@blogger.com1Sri Lanka, Katunayake7.8730539999999989 80.7717969999999925.6969689999999993 79.333246999999986 10.049138999999998 82.210347tag:blogger.com,1999:blog-1066913212842866995.post-28349052825357683332011-08-11T04:17:00.000-07:002011-08-12T01:14:34.582-07:00දවසේ වැකි.....
01. ඔබ ඔබටම පහනක් වන්න.
02. සියලු සත්වයෝම දන්ඩනයට බිය වෙති.
03. ඔබට සැරයටිය වන වනා යාමට ඇති නිදහස අනෙකාගේ නාසය ලගින් කෙලවර වේ.
04. ලද අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ නීයම බුද්ධිමතුන්ය.
05. කිසිවකු සර්ව සම්පූර්න නැත.

K K N S Kumarahttp://www.blogger.com/profile/07843178037549773964noreply@blogger.com0tag:blogger.com,1999:blog-1066913212842866995.post-75321436239269359372011-05-06T22:20:00.000-07:002011-05-06T22:20:19.539-07:0021
Harry Potter and the Deathly Hallows, Part 1
The ShepherdK K N S Kumarahttp://www.blogger.com/profile/07843178037549773964noreply@blogger.com0tag:blogger.com,1999:blog-1066913212842866995.post-48574732798474051212011-04-09T00:15:00.000-07:002011-04-10T20:44:57.473-07:00LIVING KINDNESSPokuna is a God opatunity to all communities can met through the internet. You can See the Ancient Srilanka's Achievements through this Web SiteK K N S Kumarahttp://www.blogger.com/profile/07843178037549773964noreply@blogger.com0